උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුම වන්නේ ඉන්දියාවේ ප්රාන්තවල ක්රියාත්මක ‘ස්වස්ති දේශපාලන ක්රමය බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පැවැසීය.
ඊයේ (31) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති දෙමළ ජනතා සභාවේ මංගල ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු මහ ඇමතිවරයා
“දේශපාලන පක්ෂවල පැවත්මට ජනතාව යොදාගතයුතු නැහැ ජනතාවගේ පැවත්මටයි දේශපාලන පක්ෂ තිබිය යුත්තේ මෙතෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳුමක් නොලැබුණු නිසා අපි මේ දෙමළ ජනතා සභාව ආරම්භ කළා යැයි මහ ඇමති සඳහන් කළේය.
මෙම රැලියට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ශිවසක්ති ආනන්දන්, පළාත් සභා මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.