සිය ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින සෙබලුන්ට යුද සූදානමකින් සිටින ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් නියෝග කර තිබේ.
දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර දේශසීමාවේදී කාලතුවක්කු වෙඩි හුවමාරුවක් සිදුවීමෙන් පසුව උතුරු කොරියානු නායකයා සිය හමුදාවන් සීරුවෙන් තබා ඇති බව එරට රජයේ පුවත් වාර්තා පවසයි.
ඒ අනුව, උතුරු කොරියාව අර්ධ යුද තත්ත්වයක් මේ වනවිටත් රට තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු කොරියාව විසින් සිය දේශසීමාවන්හි උතුරු කොරියානු විරෝධී ව්‍යාපාරයක් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ප්‍රචාරය කිරීම නවතා නොදමන්නේ නම්, දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද උතුරු කොරියාව අනතුරු අඟවා තිබේ.
උතුරු දකුණු කොරියා දේශසීමාවන්හි යම් උද්වේගකර අවස්ථා මීට පෙර ඇති වූ අවස්ථාවලදීද මේ ආකාරයෙන්ම උතුරු කොරියාව විසින් විවිධ තර්ජන ගර්ජන කළ බව නොරහසක් බව විදෙස් වාර්තා පවසයි.
මෙය සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස දෙරට අතර සිදුවන ප්රකෝපවීමක් බවත්, සුළු වෙඩි හුවමාරුවක් මීට පෙර සිදුවුවත්, මෙවර කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම තරමක තැතිගන්වන සුළු සිද්ධියක් බවත් විදෙස් වාර්තා පවසයි.