උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීමේ තවත් එක් අදියරක් අද (06දා) ක්රියාත්මක කළ අතර එහිදී ඔවුහු ජපාන මුහුද දෙසට බැලැස්ටික් මිසයිල හතරක් එල්ල කළහ.
එයින් මිසයිල තුනක් ජපානයට අයත් විෂේශිත ආර්ථික කලාපයට අයත් මුහුදු සීමාවට වැටී ඇතැයි ජපාන අග්රමාත්ය ෂිංසෝ අබේ මහතා ප්රකාශ කර තිබේ.
ඔහු පවසන්නේ මෙය උතුරු කොරියාව විසින් එල්ල කළ තවත් තර්ජනයක් බවයි. මෙම මිසයිල අත්හදා බැලීම දකුණු කොරියාවද තහවුරු කර තිබේ.
උතුරු කොරියාව විසින් අත්හදා බැලූ මිසයිල පිළිබඳව වැඩිදුර තොරතුරු අණාවරණය නොවයි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට කිසිදු ආකාරයක හෝ මිසයිල අත්හදා බැලීමක් සිදුකිරීම තහනම් කර ඇත.
ඇමෙරිකාව විසින්ද මෙම අත්හදා බැලීම තහවුරු කර ඇතත් එය උතුරු ඇමෙරිකානට තර්ජනයක් නොවන බව ඇමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.