උතුරු අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත්, එහි මුල් අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 වැයවන බවත් මුදල් අමාත්‍ය රවි කරණානායක මහතා පැවසීය. මුල් අදියර යටතේ කොළඹ - කුරුණෑගල, කුරුණෑගල - මහනුවර, කුරුණෑගල - දඹුල්ල දක්වා ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත්, මේ සඳහා අඩු පොලී ණය ලබාගත් බවත් අමාත්‍යවරයා පැවසුවේ අද (10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදීය..