පසුගිය ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ උතුරු අධිවේගී මාර්ගය යළි සමාලෝචනය කොට ක්‍රියාත්මක කරන බව නව ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවසීය.
එසේම ඒ සඳහා පසුගිය ආණ්ඩුව විසින් ඇස්තමේන්තු ගත කරන ලද මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන බවද ඔහු කීය.
නව ආණ්ඩුව කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් අතරමග නවතා නොදමන බවද ඔහු සඳහන් කළේය. එසේම උතුරු අධිවේගී මාර්ගය පසුගිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති මුත්, ඒ සඳහා කිසිදු මූල්‍ය ප්රතිපාදනයක් වෙන් කොට නැතැයි ද ඔහු කියා සිටියේය.