පළාත් පාලන මැතිවරණය කල්දමනු ලබන්නේ පරාජය වේ යැයි බියෙන් නොව නව මැතිවරණ ක්රමයක් හඳුන්වා දිය යුතු නිසා යැයිද පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම ජයගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මහතා අද (22) සිරිකොතදී පැවසීය.
එසේම උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් ඉදිරි මාසය ඇතුලත දී ආරම්භ කරන බවත්, කඩවත සිට මහරගම දක්වා ඉදිකිරිම් චීන සමාගමකටත්, මීරිගම සිට පොතුහැර ආසියානු සංවර්ධන බැංකුවටත්, පොතුහැර සිට ගලගෙදර දක්වා දේශිය සමාගම් වලටත් ලබාදෙන බවත් නලීන් බණ්ඩාර මන්ත්රීවරයා පැවසීය