උදා වූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් සියලු දෙනා එක්ව උතුරේ පිහිටි ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් ආගමික වතාවත්හි නිරත වූහ.
මේ අතර වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් මෙන්ම ආරක්ෂක අංශ විසින්ද අලංකාර වෙසක් පහන් කූඩු මෙන්ම වෙසක් තොරණද නිර්මාණය කොට තිබුණි.
එමෙන්ම යාපනය බලකොටුව ආසන්නයේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මේනම නාවික හමුදාව හා පොලීසය එක්ව වෙසක් කලපයක් පැවත්වීමට සංවිධානය කොට ඇති අතර එහි අලංකාර වෙසක් පහන් කූඩු හා වෙසක් තොරණ් සංවිධානය කොට තිබුණි.