යාපනය හා සාම්පූර් ප්රදේශවල ඉඩම් නිදහස් කිරීමෙන් පසු නැවත පදිංචි වන පවුල් 1,428 ක් සඳහා දින 45 ක වියළි ආහාරත්, මාස හතරක් යනතුරු දෛනික දීමනාවක් ලබාදීමටත් ලෝක ආහාර වැඩසටහන ඉදිරිපත් වී ඇත.
වියළි ආහාර වශයෙන් අයිතම 25 ක් සමූපකාර මගින් ලබාගැනීම සඳහා චෙක්පතක් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, ප්ර‘දේශයේ යටිතල පහසුකම් ඇති කිරීම සඳහා දායකත්වය ලබාදෙන සියලුම දෙනාට දෛනික දීමනාවක් ලබාදීමටත් ලෝක ආහාර වැඩසටහන සැලසුම් කර තිබේ.
යාපනය දිස්ත්රික්කයේ පවුල් 1,194 ක් හා සම්පූර්ණ ප්ර‘දේශයේ පවුල් 234 ක් අදාළ ප්රදේශවල නැවත පදිංචි කරවා තිබේ.