දමිළ ජනයා ජීවත්වන ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් තුළ තවමත් දුප්පත්කම දැකිය හැකිබව බ්‍රිතාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මන්ත්‍රී ඇලන් ඩන්කන් මහතා පවසා තිබේ.
කෙසේ නමුත් සහස්ර සංවර්ධන අභිමතාර්ථයන්හි පළමු අභිමතාර්ථය වන දුප්පත්කම දුරලීම යන අරමුණ ශ්‍රී ලංකාව විසින් ළඟා කරගෙන ඇතැයි ඒ මහතා පවසා තිබේ.
එංගලන්තයේ කම්කරු පක්ෂය මන්ත්‍රී සාරා චැම්පියන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇලන් මහතා මේ බව සඳහන් කර ඇත.