උතුරේත්, දකුණේත් ජනතාව අතර ඇති වී තිබෙනසංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව උතුරු පළාත් සභාවට පත්වූ නව ආණ්ඩුකාර, හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.
උතුරේ නව ආණ්ඩුකාරවරයා ලෙස අද (14දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රෙජිනෝල්ඩ් කුරේ මහතා දිවුරුම් දී තිබෙන අතර, තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම අනිද්දා (16දා) සිට සිදුවේ.
උතුරේ ජනතාව ප්‍රශ්න කිහිපයකට මුහුණදී සිටින බවත්, ඒවාට විසඳුම් ලබාදෙමින් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරිමට කටයුතු කරන බවත් නව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.