උතුර-දකුණ යාකරමින් තෛපොංගල් සැමරුමක්
මෙවර තෛපොංගල් දිනය සැමරීම සඳහා දකුණේ තරුණ තරුණියන් 450 දෙනෙකුසමග උතුරට නෑගම්යාමට ජාතික තරුණසේවා සභාව සූදානම්වේ. ඒ අනුව ජාතික යොවුන් තෛපොංගල් දිනය සිංහල මුස්ලිම් හා දමිළ තරුණ තරුණියන් 1500 කගේ සහභාගීත්වයෙන් යාපනය - වඩුක්කොඩෙයි විද්‍යාලයේදී හෙට(10දා) පැවැත්වීමට නියමිතය.
මේ අනුව අද(09දා) කැවුම්, කොකිස් ආදී සිංහල ආහාර වර්ග රැගෙන විශේෂ දුම්රියකින් දකුණේ තරුණ තරුණියන් උතුරට යාමට නියමිතය.උතුරට පැමිණෙන මෙම දකුණේ තරුණ තරුණියන් 450 යාපනයේ තරුණ තරුණියන් 225 දෙනෙකුගේ නිවෙස්වල නවාතැන් ගැනීමට සූදානම් කර තිබේ.
හින්දු සංස්කෘතියේ එන ක්‍රීඩාවල නිරතවීම, සංස්කෘතික අංග පැවැත්වීම තෛපොංගල් දිනය සැමරීමට සමගාමීව ක්‍රියාත්මක කරන බව ජාතිත තරුණසේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ මහතා %අද^ට පැවසීය.
ජාතික සමගිය වර්ධනය කිරීමේ අරමුණෙන් ජාතික තරුණසේවා සභාව පවත්වන මෙම උත්සවය සඳහා, උතුරු පළාත්සභාවේ සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලැබෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

