2018.04. 05 දින සිට 18 දින දක්වා වු කාලය තුළ ලංකා ධීවර සංස්ථාව තම අලෙවි සැල්වලින් මසුන් කිලෝ ග්‍රෑම් 135,892.29ක් අලෙවි කර ඇති බවත් ඒ හරහා උපයා ඇති ආදයම රු. 72,276,871.20ක් බව ධීවර අමාත්‍යාංශය පවසයි.
2017 වසරේ දී උත්සව සමය තුළ මාළු කිලෝ ග්‍රෑම් 92,867.36ක් අලෙවි කරන ලද අතර එමගින් ලද ආදායම රු. 53,607,787.49ක් වන අතර ඒ අනුව මෙම වසරේ උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (23) පස්වරුවේ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.