උත්සව සමය නිමිති කරගෙන රියදුරන් සැලකිල්ලෙන් රිය ධාවනය කළ යතු බවත් රටපුරා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා %අද^ කළ විමසීමකදී සඳහන් කළේය.
රිය ධාවනය කිරීමේදී බීමත්ව රිය නොපදවන ලෙසත් සෑමවිටම මාර්ග නීතිවලට ගරු කරමින් රථවාහන ධාවනය කරන ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පවසයි.
මීට අමතරව බීමත් රියදුරන්ට රථවාහන ලබානොදෙන ලෙස රථවාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.
රථවාහන ධාවනය කිරීමේදී අධික වේගයෙන්ධාවනය නොකරන ලෙසද, නිදිමත ගතියක්, වෙහෙසක් දැනෙනවානම් එම තත්ත්වයන් මගහරවාගෙ රථධාවනයේ යෙදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
පදිකයන් මාර්ගවල ගමන් කිරීමේදී පදිකවේදිකාවෙන් ගමන් කරන ලෙසත්, කහඉරි ඇතුළු නියමිත ස්ථාන වලින් පමණක් පාර මාරුවන ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.