උත්සව සමය මූලික කර ගනිමින් කූට ආකාරයට භාණ්ඩ අලෙවි කරන්නන් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බැවින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී භාණ්ඩයේ මිල සහ කල් ඉකුත්වීමේ දින පිළිබඳව පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
මීට අමතරව 'සේල්' ලේබලය යටතේ රෙදි, ගෘහ උපකරණ, විදුලි උපකරණ මිලදී ගැනීමේදීද ඒවායේ නිමාව පිළිබඳව සහ ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ගෘහවිදුලි උපකරණ මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම වගකීම් සහතිකයක් ඉල්ලා සිටින ලෙසත් එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.
වට්ටම් යටතේ සහ විවිධ වරප්‍රසාද ලබාදෙන බවට සඳහන් කරමින් භාණ්ඩ අලෙවි කරන ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නේ නම් කල් ඉකුත්වීමේ දිනය අනිවාර්යයෙන්ම සලකා බලන ලෙසත්, විවිධ වරප්‍රසාද තුළ කල් ඉකුත් වූ භාණ්ඩ වෙළෙඳ පොළ තුළ අලෙවි කිරීම සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා භාණ්ඩයක් මිලදී ගැනීමේදී සෑමවිටම බිල්පතක් ඉල්ලා සිටින ලෙසත්, එලෙස බිල්පතක් ඔබ සතුව තිබේනම් යම් ගැටලුවක් ඇතිවුවහොත් ඒ සඳහා පාරිභෝගික අධිකාරියට මැදිහත්විය හැකි බවත් අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.