උත්සව සමය හේතුවෙන් මේ දිනවල ඉන්ෆලුවන්සා එච්.වන්.එන්.වන් රෝගය පැතිරීමේ අවදානමක් ඇතැයි හම්බන්තොට වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එම්.එන්.එස් ක්‍රිෂාන්ත මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් මහජනතාව අධික ලෙස ගැවසෙන ප්‍රදේශවල කිවිසුම් පිටකිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් ඒ සඳහා ආරක්ෂිත ක්‍රම භාවිත කරන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ හේතුව නිසා උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් වැලඳී තිබේනම් ඒ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් වෛද්‍ය එම්.එන්.එස්. ක්‍රිෂාන්ත මහතා පවසයි.
විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භිණී මවුවරු, මෙම උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අම්බලන්තොට - සනත් ගමගේ