පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ AH1 N1 නැමැති උණරෝගය පැතිරයෑමේ අවදානම හේතුවෙන් සියලු නේවාසිකාගාර තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.
මේ අනුව හෙට (04දා) දහවල් 12 සිට නැවත දැනුම්දෙන තුරු සියලු නේවාසිකාගාර වසා දමන බව පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.