උණ රෝගයක් සිසුන් අතර පැතිර යෑම හේතුවෙන් මාතර, මාපලාන ප්‍රදේශයේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨය අද (07දා) සවස සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමන්නට විශ්වවිද්‍යාල පර්පාලනය තීරණය කර තිබේ.
උණ රෝගයක් වැලදීම හේතුවෙන් මෙම පීඨයේ පළමු වසර සිසුන්ට පසුගිය සඳුදා සිට පීඨය වසා දැමුණු අතර එම තත්ත්වය තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් කෘෂිවිද්‍යා පීඨය මෙසේ වසා දමන්නට කි‍්‍රයා කළ බවත් සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් බවත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය වැඩිදුරටත් පැවසීය.