උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධව තමන්ද කනගාටුවට පත්වන බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද දිනයේදී යළිත් විමසා සිටි අවස්ථාවේදී කිරිඇල්ල මහතා එසේ පවසා සිටියේය.
මේ රටේ නීතිය කාටත් සාධාරණව ක්රියාත්මක වියයුතු බවත් කොටි ත්රස්තවාදීන් බන්ධනාගාරවලින් එළියට දැමීමට කටයුතු කරන ආණ්ඩුව භික්ෂූන් වහස්සේලා බන්ධනාගාර ඇතුළට දමන බවත් හෙතෙම කීවේය.
මෙය අධිකරණයේ සිදුවෙන කටයුත්තක් බැවින් කිසිවක් පැවසිය නොහැකි බවත්, එසේ කතා කිරීමට ගියහොත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට අපහාසයක් සිදුවිය හැකි බවත් සභානායකවරයා පවසා සිටියේය.