උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ සිට අලි පැටවා සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලැබුණ තොරතුරක් අනුව සොයාගත්තේය.
අලි පැටවාට අදාළ නීති්‍යානුකූල ලියවිලි ඉදිරිපත් කිරීමට විහාරයේ වැඩවිසූ හිමිවරුන්ට නොහැකි විය.
අනතුරුව අලි පැටවා වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත්තේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අලි පැටවා පුනරුත්තාපනය කර නැවත කැලයට මුදා හරින බවයි.