බලංගොඩ, දියවින්න උඩුපියන් ගල් ගුහාව ක්‍රි.පූ. 250දී භික්ෂූන් වහන්සේලාට පූජා කළ බවට සඳහන් සෙල්ලිපියක් හඳුනාගත් බව එහි කැණිම්වල නිරත කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.
"මෙම සෙල්ලිපියේ ගල් ගුහාව භික්ෂූන් වහන්සේලාට පූජා කල ප්‍රභූ පුද්ගලයන් තුන්දෙනාගේ නම් දක්නට ලැබෙනවා. එනම් විෂර ගුප්ත, චූල හා කාශ්‍යප යනුවෙන් හැඳින්වෙන මේ තිදෙනා විසින් මේ ගල් ගුහාව පූජා කළ බව මේ සෙල්ලිපියේ කියා තිබෙනවා. අක්ෂර විද්‍යානුකූලව මේ ශිලා ලේඛනය ක්‍රි.පූ. 250 ට යොමුකරන්න පුළුවන්"යැයි පැවසීය.
රෝහණ වසන්ත