උඩුගම්පොළ නිවසකදී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට වැලිමඩ ප්රදේශයේ පදිංචි 36 හැවැරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් නොවිසිඳුනු අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් පස්යාලේදී අද (14දා) පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ. සැකකරු එම නිවසේ මෙහෙකාර සේවයේ සිටි පුද්ගලයා බවද පොලීසිය පවසයි.