පවතින අධික වර්ෂාව සමග උඩවලව ජලාශයේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වන්දොරටු පහ අඩිය බැගින් විවෘත කර තිබේ. මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 11500 ක් පමණ වලවේ ගඟට මුදාහරින බව උඩවලව වාරිමාර්ග ඉංජිනේරුවරිය පවසයි.
මේ තත්ත්වය තුළ ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුනොවන නමුත් වලවේ ගඟ පහළ ප්රදේශවලට දැඩි වර්ෂාපතනයක් පැවතුණහොත් ගංවතුර තත්ත්වයක් හටගැනීමට ඉඩතිබෙන බවද එතුමිය පැවසුවාය. නමුත් මේ වනවිට එම ප්රදේශ තුළ පැහැබර කාලගුණ තත්ත්වයක් පවතී.