උඩවළව ජලාශයේ වාන් දොරටු විවෘතකර ඇති අවස්ථාවල පොලීසියේද සහාය ලබාගෙන වේල්ල මතින් බර වාහන ධාවනය කිරීමට ඉඩ නොදෙන ලෙස අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (18දා) උඩවලව ජලාශයේ වාන් දොරටු ස්ථාපිත කර ඇති පාලම නිරීක්ෂණය කිරීමෙන් පසු ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට නියම කළේය.
මෙම තීරණය නිසා ජනතාව අනිසි බියක් ඇතිකරගෙන කලබල වියයුතු නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වු රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා,
“ජනතාවට පළමුවෙන්ම කිවයුතු දේ තමයි කලබල වෙන්න කිසිම දෙයක් මෙතන නෑ. ඉංජිනේරු මහත්වරු කියන විදියට සාමාන්‍ය තත්ත්වයක් තියෙන්නේ. වාන් දොරටු ඇරියාම ඉතාමත්ම බර වාහන වාන් දොරටු ඇති පාලම මතින් ගමන් කිරීම පරීක්ෂණයන්ට බාධාවක්. වාහන ගමන් කිරීම තහනම් කර නෑ. ඉතාමත් ම බරවාහන පමණක් පරීක්ෂණ කටයුතු අවසථාවල සීමා කිරීමක් පමණයි කරලා තියෙන්නේ.
ඇත්තටම මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් කියලයි ඉංජිනේරු මහත්තුරු කියන්නේ. මේවාට පිපිරුම් කියලා නෙවයි ඉරිතැලීම් වගේ කීවාට කමක් නෑ. ජනතාවට කලබලයක් ඇතිවිය යුතු කිසිම දෙයක් වෙලා නෑ. සාමාන්‍ය විදියට උඩවළවේ ජලාශයේ කටයුතු සිදුවෙනවා. මේ වනවිට වාන් දොරටු වහලා තියනවා.’’ යැයි පැවසුවේය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර