නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වූ ඉන්ධන ප්රවාහන දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ (11දා) රාත්රී 12.00 ට පමණ යථා තත්ත්වයට පත්කර තිබේ.
නාවලපිටිය සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය දක්වා ඩීසල් සහ මගීන් ප්රවාහනය කළ දුම්රිය, හැටන් කොටගල දුම්රිය ස්ථාන දෙක අතර හැටන් සිංගිමලේ උමං මාර්ගය අසලදී ඊයෙ (11දා) පස්වරු 4.45 ට පමණ පීලිපැන තිබූ අතර, එනිසා දුම්රිය මාර්ගයටද දැඩි අලාභහානි සිදුවී ඇතැයි වාර්තාවේ.