බදුල්ල සිට මහනුවර දක්වා ඉන්ධන ප්රවාහනය කළ හිස්ටැංකි රැගෙන යමින් තිබූ දුම්රියක් නානුඔය දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමෙන් උඩරට දුම්රිය ධාවන කටයුතු අද (07දා) පස්වරුව වන තෙක් නානුඔය දක්වා පමණක් සීමා කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඊයේ (06දා) පස්වරු 5.30 ට පමණ දුම්රියේ එන්ජිම ඇතුලු ඉන්ධන ටැංකි හතරක් පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුවී ඇති බව දුම්රිය මාර්ගයේ නඩත්තු අංශය පවසයි.
පීලි පැන ඇති දුම්රියේ එන්ජිම සහ ඉන්ධන ටැංකි පීලිගත කිරීමට නාවලපිටිය සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල පීලිගත කිිරීමේ කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.
දුම්රිය පීලිපැනීම හේතුවෙන් බදුල්ල දුම්රිය ස්ථානයේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය ඇතුලු දුම්රිය හතරක් නතරකර ඇති බවද දුම්රිය පාලකමැදිරිය සඳහන් කළේය.