තලවාකැලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ග්රහණයෙන් මිදී ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වීමට විරෝධය පාමින්, සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා වහා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් අද (1දා) උදෑසන සිට වතු කම්කරුවන් පිරිසක් තලවාකැලේ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙත් තලවාකැලේ පූඩළුඔය ප්‍රධාන මාර්ගයෙත් ගමනාගමනය උදෑසන 10.00 සිට ඇණහිට තිබුණි.
එසේම බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් හරස් කිරීමට පස්වරු 1.15 ට පමණ උද්ඝෝෂකයෝ කටයුතු කළහ. මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ තිබුණි.