ගයිවත්ත ගම්මානයට පැමිණි කොටියා මන්දකට හසු වී තිබියදී බේරාගැනීමට ඊයේ (05දා) වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
බලංගොඩ,හිටුවල කැලෑවේ අටවන ලද මන්දකට හසු වූ මෙම කොටියා මන්දත් සමග ගයිවත්ත ප්රදේශයේ මහමග වැටී සිටින අයුරු ගම්වාසීන් දැක තිබේ.
ඔවුන් මේ පිළිබඳ වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව පැමිණි උඩවලව සහ බෙලිහුල්ඔය වනජීවී නිලධාරීහු, කොටියා මන්දෙන් නිදහස් කොට ආරක්ෂාකාරීව උඩවලට රක්ෂිතයට රැගෙන ගියහ.
බළන්ගොඩ අරුණ දිසානායක