උ.පෙළ අද සිට මධ්‍යස්ථාන 2204 කදී
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (02දා) සිට මෙම මස 27 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2204 කදී පැවැත්වේ.
මේ සඳහා අයදුම්කරුවන් 315605 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, මෙම පිරිසෙන් 240991 දෙනෙකු පාසල් අයදුම්කරුවෝ වෙති.
විභාග රාජකාරිවල නිලධාරීන් 27,500 ක් යොදවා තිබෙන අතර, විභාග අකටයුතුකම් පිළබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායම් 300 කට අධික ප්‍රමාණයක් යොදවා තිබේ.
අද උදේ 8.30 ට විභාගය ආරම්භ වන අතර, විභාග ශාලාවට ස්මාට් අත්ඔරලෝසු, ජංගම දුරකථන විද්‍යුත් උපකරණ රැගෙන ඒම සපුරා තහනම් කර ඇත.
මෙම ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන එන අපේක්ෂකයන්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ජාතික විභාගවලට පෙනී සිටීම වසර 05 කට අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
විභාග අකටයුතුකම් පිළිබඳව හා විභාග ශාලාවේ සිටින අයදුම්කරුවන්ට සිදුවන හිරිහැර පිළිබඳව දැනුම්දීම සඳහා දුරකථන අංක කිහිපයකුත් ස්ථාපිත කර ඇත.
මේ අනුව 1911, 0112- 784208, 0112- 784537 දුරකථන ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවටත් 0112-421111, 119 දුරකථන අංක ඔස්සේ පොලිස් මූලස්ථානයටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

