එංගලන්තයේදී තමන්ට එරෙහිව එල්.ටී.ටී.ඊ, හිතවාදීන් පැවැත් වූ විරෝධතා පිළිබඳව සතුටුවන බවත්, රට කැඩීමට උත්සාහ දරන පුද්ගලයන් සමග කිසිදු සාකච්ඡාවක් නොමැති බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
එංගලන්තයේ සංචාරය කරන අතරතුරදී බී.බී.සී. සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ. එහි තෙවැනි කොටස අද (26දා) පළවිය.
එහිදී ජනපතිවරයා මෙසේ ප්රකාශ කර තිබේ.
“විරෝධතා කළේ එල්.ටී.ටී.ඊ.කාරයෝ. විරෝධතා කරනවා නම් මම තවත් සතුටුයි. මොනවද ඒ අයගේ සටන් පාඨ. ඒ ගොල්ලන්ට ඇති අවසාන විසඳුම ඊළමලු. ඔය සටන හැමදාම කරනවා. ඕක කෙරෙන එකක් නෙමෙයි.
රට කඩන එකට කිසිම ඉඩක් නෑ. ඊළමක් ගැන කතා කරන අයත් එක්ක මගේ කිසිම සාකච්ඡාවක් නෑ.
ලංකාවේ දේශපාලන සිරකරුවන් එක්කෙනෙක්වත් නෑ. රහසිගත සිරකඳවුරුත් ලංකාවේ නෑ. මගේ රජය යටතේ කිසිම කෙනෙක් හොරෙන් රඳවාගෙන නෑ”.