ගාසා තීරයේදී ඊශ්රායලය හා පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද වාතාවරණය සටන් විරාමයක් වෙත පැමිණිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
අද අලුයම් කාලයේදී ඊශ්රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්රහාර ගාසා තීරයේ පලස්තීන ආරක්ෂක මූලස්ථාන හා පොලිස් ස්ථාන වෙතද දැඩි අලාභානි පමුණුවා ඇති බව වාර්තා වෙයි.
එහි සිටින බී.බී.සී වාර්තාකරු පෙන්වා දී ඇත්තේ පසුගිය ජූලි 08 වැනිදා මෙම ගැටුම ඇවිලීමෙන් පසු එල්ල වූ දරුණුතම බෝම්බ හෙළීම් අද දිනයේ වාර්තා වූ බවයි.
ඊශ්රායලය විසින් මීට පෙර එල්ල කළ බෝම්බ ප්රහාරයකින් එකම පවුලේ පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවද වාර්තා විය.
එමෙන්ම, පලස්තීන හමාස් සංවිධානය විසින් රොකට් ප්රහාර එල්ල කරන ප්රදේශය වෙත තම ගොඩබිම් හමුදා පිටත්කර හැරි බවද ඊශ්රායලය පවසා සිටියි.
ඊශ්රායල් කමාන්ඩෝ භටයන් මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටින බවත්, එහි මේ වනවිට ගැටුම් සිදුවන බවත් ඊශ්රායල් ආරක්ෂක අංශ පෙන්වා දී තිබුණි. එමෙන්ම, ගැටුම් හේතුවෙන් ඊශ්රායල් සොල්දාදුවන් හතර දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවද වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.
ඊශ්රායලය හා පලස්තීනය අතර ඇතිවී තිබෙන මෙම නවතම යුද වාතාවරණය සමග මේ වනතෙක් පලස්තීන ජාතිකයන් 160කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.