ඊජිප්තු හිටපු ජනපතිට වසර 20ක සිරදඬුවමක්
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි වසර 20ක සිරදඬුවමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිය පාලන සමයේ එරට පැවති රාජ්ය විරෝධී උද්ඝෝෂණයක් මැඩපැවැත්වීමේදී සිදුකළේ යැයි කියන අත්අඩංගුවට ගැනීම් හා වදහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් මෙසේ හිටපු ජනාධිපතිවරයා වැරදිකරු බවට පත්ව තිබේ.
හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කෙරුණු පසු ඔහුට එරෙහිව පවතින නඩු විභාගවලින් පළමු වැනි දඬුවම් පැමිණවීම මෙය බව විදෙස් වාර්තා පවසයි.
2013 ජූලි මාසයේදී ඊජිප්තුව පුරා පැවති මහජන නැගිටීම්වලින් පසුව හිටපු ජනාධිපතිවරයා බලයෙන් නෙරපීමට එරට හමුදාව කටයුතු කළේය.
එතැන් පටන් මේ දක්වා බලධාරීන් විසින් ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය තහනම් කළ අතර, ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මොර්සිගේ නීතීඥයන් පවසන්නේ මෙම නඩු තීන්දුවට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

