පළාත් පාලන ආයතන වෙත කරනු ලබන සියලුම ගෙවීම් අන්තර්ජාල විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීම සහ සියලුම මහජන සේවාවන් අන්තර්ජාල මගින් සිදුකිරීමට අදාළ ඊ - පළාත්පාලන පද්ධතිය දියත් කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ලබන 29දා දින පෙ.ව. 9.30ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සිදු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පළාත් පාලන ආයතන වෙත මහජනතාව විසින් කරනු ලබන ගෙවීම් හා බලපත්‍ර ලබාගැනීමේදී සිදුවන අක්‍රමිකතා අවම කර පළාත් පාලන ආයතනවල සියලුම කාර්යයන් වඩාත් විනිවිදභාවයකින් යුතුව කාර්යක්ෂමව හා ඵලදායීව සිදුකිරීමේ අරමුණින් ඊ - පළාත් පාලන පද්ධති ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මෙම ඊ - පළාත් පාලන පද්ධතිය ශ්‍රී ලංකාවේ සියලුම පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙහි පළමු අදියර යටතේ ජනවාරි 29 දින පළාත් පාලන ආයතන 30ක මෙම ඊ- පළාත් පාලන පද්ධතිය දියත් කෙරේ.