මින්සාගේ සෞඛ්‍ය, ආහාර, නිවාස සහ ආරක්ෂාව ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ බලවත් තර්ජනයකට ලක්ව ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව අවධාරණය කරයි.
ජපානයේදි රැස්වූ විද්‍යාඥයන් හා බලධාරීන් විසින් දේශගුණික විපයර්සාන හේතුවෙන් ලෝකයේ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳ වඩාත් පුළුල් තක්සේරුවක් සිදුකරමින් මෙම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව පෙන්වා දෙන්නේ ඔවුන්ගේ වාර්තාවට අනුව මෙම බලපෑමේ ප්‍රමාණය නොතකා සිටිය නොහැකි තරම් සාක්ෂි සපයා ඇති බවයි.
මෙහි ප්‍රධානතම බලපෑම් මේ වනවිට ස්වභාවික පද්ධතීන් කෙරෙහි පවතින බව පෙන්වා දෙන විද්‍යාඥයන්, එහි වර්ධනීය බලපෑම් මිනිසා වෙත ළඟාවීම ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක් කරයි.