ඉහළ දැමූ ගුරු සහායක දීමනාව මැයි මාසයේ සිට ලබාදීම රජය තීරණය කර තිබේ.
රුපියල් හයදහසක දීමනාවකට පාසල්වල සේවය කරන ගුරු සහායකයන්ගේ දීමනාව රුපියල් 4,000කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත.
මේ අනුව ඉහළ දැමූ රුපියල් 4,000ක දීමනාව සමග රුපියල් දසදහසේ දීමනාව මැයි මාසයේ ලබාදීමට තීරණය කර තිබේ.