පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ගම හදන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පෙර බලය වෙනුවෙන් කුලල් කන අවස්ථා බොහෝමයක් ප්‍ර‘දේශවලින් අනාවරණය වූ බවත්, ගමේ අවශ්‍යතා මූලික කරගනිමින් ගම දියුණු කිරීමට කටයුතු නොකර මුදල් කාබසීනියා නොකරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටය හිඟුරේආර ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියෝ නවක මන්ත්‍රීවරුන්ගෙන් හා මන්ත්‍රීවරියන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.
"වවාගෙන කෑම පිළිබඳ ලෝකයේ හොඳම නිදසුන සිංගප්පූරුව බවය. එම පුංචි රට අද ලෝකයේ දියුණුවට පත්වූ අභිමානවත් රටක්. එම අභිමානවත් බව ලෝකයට පෙන්වුයේ දේශපාලඥයන්. අද ඔවුන් ඉහළම වැටුපක් පවා ලබන අය. එම ඉහළ වැටුපක් ලබාගැනීම ඔවුන්ගේ අයිතියයි.
මේ වනවිට අපේ ඇතැම් නවක මන්ත්‍රීවරුන්ට චෝදනා තියනවා. ඉහගෙන කනවා කියලා. ඒකට හේතුව ඔවුන්ගේ ඇතැම් දේශපාලන නායකයන් ඉහගෙන කාපු අය කියලා. අන්න ඒ නිසා එම දේශපාලන ගුරු ආදර්ශය ගන්නට එපා. ජනතාවට රටට ආගමට ආදරයෙන් ජනතා සුභසිද්ධියට වැඩකරමින් සාධාරණව ජීවත් වන්න.
මන්ත්‍රීකම නැතිව ගෙදර ගිය දිනටත් ජනතාව අතරට ඔවුනට එවිට යන්නට පුළුවන් බුදුන් වහන්සේ දේශනා කළ අයුරින් සතර අගතියෙන් තොරව ජීවත් වන්න. සතර අගතියෙන් ජීවත් වන්නට එපා"
විජය විදානපතිරණ