ගම්මට්ටමේ ජාතික පාසල් සඳහා ලැබෙන පිළිගැනීම අඩුබවත්, පාසල් සම්බන්ධයෙන් පළාත් සභාවලට මීට වඩා මැදිහත්වීමක් අවශ්‍යබවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
නව ව්‍යවස්ථාව මගින් පළාත්සභා වෙත පොලිස් හා ඉඩම් බලතල ලබාදෙනවානම් එය යහපත් කාරණයක් බවත්, මධ්‍යම ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ට වඩා විශාල සේවයක් පළාත්සභාවෙන් සිදුවන බවත් ඔහු කියා සිටියේ අද (22) කොළඹ විසුම්පායේ නව ව්‍යවස්ථාව සඳහා අදහස් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
එමෙන්ම ජාතික පාසල් ඇතිකිරීම තුළ ඇතැම් පාසල් කොන්කිරීමකට ලක්ව ඇති බවත්, ජාතික පාසල් සඳහා දේශපාලන සහය ලැබෙන්නේ අඩුවෙන් බවත් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
තවද සමගාමී ලැයිස්තුව සම්පුර්ණයෙන්ම පළාත්සභා වෙත ලබාදිය යුතු බවත්, පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ප්‍රතිපාදන වැඩිකළ යුතු බවත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා එහිදී පැවසුවේ පළාත් සභා වෙත ලැබිය යුතු සියලු බලතල පළාත් සභා වෙත ලැබී නොමැති බවයි.