වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් හට ප්‍රජාත්‍රන්තවාදීව ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයා විසින් ඇතිකර දී තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
එයට හොඳම උදාහරණයක් ලෙස කැබිනට් හමුව දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ කැබිනට් හමුවක් පැය භාගයකින් හෝ අවසන් කීරීමට හැකියාව තිබූ බවය. එහිදී පවසන සියලු දෙයට පක්ෂව අත එසවීම පමණක් සිදුකළ බවද ඔහු කීය.
එනමුදු වත්මන් ආණ්ඩුවේ කැබිනට් හමුව පැය හතරක් පහක් පමණ කාලයක් පැවැත්වෙන බවත් එහිදී වාද විවාද කරගනිමින් ප්‍රජාත්‍රන්තවාදීව අදහස් ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා පැවසීය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව කීය