ප්රචණ්ඩ හා කලහකාරී ක්‍රියාවල නිරතවන ඉස්ලාම් ලබ්ධිකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඉස්ලාම් ආගමේ විවිධ පාර්ශ්ව සහ විවිධ ඉස්ලාම් ආගමික නිකායවල පිරිස් විසින් එකිනෙකා අතර දොස් පවරාගන්නා අවස්ථා මෙන්ම ගැටුම් ඇති කරගන්නා අවස්ථා වර්ධනය වී තිබෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.
කිසියම් දේවස්ථානයක්, පල්ලියක් හෝ වෙනත් ආගමික ස්ථානයක් පිහිටුවීම සඳහා අවසර ලබාදීමට බලය ඇත්තේ බෞද්ධ හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට පමණක් බවත්, ප්රචණ්ඩ ක්‍රියාවල නිරත නොවී සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය සියලුම ඉස්ලාම් භක්තිකයන්ට දැනුම්දෙයි.