වයඹ පළාතේ හිටපු අමාත්‍යවරුන් තිදෙනෙක් තමාව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් එම ක්රියාකළාපය තවදුරටත් දරාගත නොහැකිවුවහොත් තමන් එම ධුරයෙන් ඉවත්වන බවත් වයඹ මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
මෙම හිටපු අමාත්‍යවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන බවත්, පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී තමා දිනවිමට කටයුතු කළ නමුත් ඔවුන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා එක්ව හිටපු මහ අමාත්‍යවරයා නැවතත් මහ ඇමති තනතුරට ගෙන ඒමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.