ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් කිහිප දෙනෙකු හෝ ආණ්ඩුවට එකතු වන බවට සිදු කරන ප්රකාශ දවල් හීන දකින්නන්ගේ ප්රකාශ බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මාධ්යප්රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
එළැඹෙන මැයි 08 වැනිදා 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බවත්, මේ නිසා ආණ්ඩුවේ සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉවත් වන දිනය තීරණය කළ යුතු බවත් %අද^ කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ කොටසක් හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට කටයුතු කරන බවට ඇතැම් පිරිස් පවසන බවත්, එහෙත් 16 දෙනාගෙන් කිසිවෙකුත් ආණ්ඩුවට නැවත එකතු නොවන බවත් ඔහු පවසා සිටියේය.
16 දෙනාම විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවට දන්වා තිබෙන බවත්,ඕනෑම කෙනෙකුට රෑ හෝ දවල් හීන දැකිය හැකි බවත් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.