ලබන ජනවාරි මාසයේ පළමුදා සිට උතුරුමැද පළාතේ ඉරිදා දින හා පෝය දිනවල උපකාරක පන්ති තහනම් කිරීමට පියවර ගන්නා බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොළොන්නරුව රාජකීය මාධ්‍ය මහා විද්‍යාලයේදී අද (13දා) පැවැති උත්සවයදීය. ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ට හිමි බලය භාවිත කරමින් මීට අදාළ නීති රෙගුලාසි ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන බවයි.