මිලියන ගණනක ජනතාවක් අද (26දා) පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව විදෙස් වාර්තා පවසයි.
මන්ත්‍රී ආසන 290ක් සඳහා සභිකයන් තෝරාගැනීම වෙනුවෙන් මිලියන 55ක ඉරාන වැසියන් පිරිසක් සුදුසුකම් ලබා සිටියහ.
මෙම මැතිවරණයේදී ඉරාන පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සඳහා සාමාජිකයන් 88 දෙනෙකු තෝරාපත් කරගැනීමද සිදුවෙයි.
එමෙන්ම, ඉරානයේ වත්මන් උත්තරීතර නායක අයතුල්ලා අල්ඛුමේනිගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමද මෙවර මැතිවරණයට සමගාමීව සිදුවන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, ඉරානයේ වෙසෙන මිලියන 80 ක ජනතාවෙන් 60% ක්ම වයස අවුරුදු 30 ට අඩු ජනතාවක් නිසා මෙවර මැතිවරණය වඩා තීරණාත්මක මැතිවරණයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ අතර, ඡන්දදායකයන්ගේ පැවති උනන්දුව හේතුවෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව රාත්‍රී 8.00 දක්වා පැය දෙදකින් දීර්ඝ කිරීමටද බලධාරීන්ට සිදුවිය.
නිල වශයෙන් මැතිවරණය අවසන් වීමට පැවති සවස 6.00 වන විටත් එරට අගනගරය ප්රමුඛ නගර රැසක ඉතා දීර්ඝ පෝලිම් ඡන්ද මධ්‍යස්ථාන අසල පැවති නිසා මෙසේ වේලාව වැඩි කිරීමට තීරණය කෙරිණි.