ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව අද (13දා) පැවැත්විණ.
ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්විණ. ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්රයේ දැනට පවතින සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ගැනීමට නායකයින් අතර අදහස් හුමවමාරු වී තිබේ.
ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා මීට වසර 50 කට පමණ පෙර සිට ඉරානය සහය ලබාදෙන අතර තෙල් පිරිපහදු ක්ෂේත්රය යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ඉදිරියට අපේක්ෂා කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඉරාන රජයේ සහය ලබා ගැනීම පිළිබඳ මෙන්ම සංචාරක ක්ෂේත්රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගන්මින් දෙරට අතර ඝෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු විය.
දෙරට අතර ඖෂධ හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ, පේෂකර්මාන්ත ක්ෂේත්රයේ වැඩිදියුණුව වෙනුවෙන් පුහුණු වැඩසටහන් හුවමාරුව පිළිබඳ අවධානය යොමු ව තිබේ.ඉරානය සහ ලංකාව අතර පවතින ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් හුවමාරුව සදහා විධිමත් බැංකු සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡාවට පත්ව ඇත. දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.