ඉරාන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති හස්සන් රොයුහානි ඇතුළු ප්‍රතිසංස්කරණවාදීන් නියෝජනය කරන පක්ෂය පැහැදිලි ජයග්‍රහණයක් හිමිකර ගෙන තිබේ.
පසුගිය සිකුරාදා (27දා) පැවති මහ මැතිවරණයේ මූලික වටයේ ඡන්ද ගණන් කිරීම් සලකා බැලීමේදී එම පක්ෂය ඉදිරියට පැමිණ තිබේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඉරාන ජනපති හස්සන් රොයුහානිගේ ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් ගෙනයන වත්මන් වැඩපිළිවෙළ සඳහා වඩා කුළුපග ව්‍යවස්ථාදායකයක අවශ්‍යතාව මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමග සම්පූර්ණ වී ඇති බවයි.
ඉරාන පාර්ලිමේන්තුවේ ආසන 290 කින් බහුතර බලය හිමිකරගැනීමට මේ දක්වා සමත්ව සිටියේ අන්තවාදී දැඩි මතධාරීන් වුවත්, මෙවර මැතිවරණය හරහා ඔවුන්ගේ එම බලය බිඳවැටීම කැපී පෙනෙයි.