ඉදිරියේදී මෙරට සමඟ තවදුරටත් ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමට අවධානය යොමුකරන බව මෙරට ඉරාන තානාපති මොහොමඩ් ෂයිරි අමිරානි මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මහතා හමුවී පැවසීය.
අද ( 17) ආරක්ෂක අමාත්‍යංශයේදී මෙම හමුව සිදුවු අතර පැවති සුහද සාකච්ඡාවේදී මෙරට සහ ඉරානය අතර සුහදතාවය වර්ධනය කරගැනීම මෙන්ම ආර්ථික සහයෝගීතාවය වර්ධනයකරගැනීමේ ඇති වැදගත්කම පිළිබඳවත් අවධාරණය කෙරිණි.
දෙරට අතර සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ උපරිම දායකත්වය ලබාදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙහිදී අමිරානි මහතාට පැවසීය