ඉරානයේ ටෙහෙරාන් නුවරදී සිදු වූ ගුවන් අනතුරෙන් විපතට පත්වූ මගීන් හා මියගිය අයගේ ඥාතීන් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසයි.
ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රොයුහානි මහතා වෙත ලිපියක් මගින් ජනාධිපතිවරයා මෙසේ සිය ශෝකය පළ කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ඉරාන රජය සහ ජනතාව වෙත පළ කරන බවද එම ලිපියෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
එමෙන්ම විපතට පත්වූවන්ගේ ඥාතීන් වෙත ශෝකය පළ කළ ජනාධිපතිවරයා, අනතුරින් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ලැබේවා යැයිද ප්‍රාර්ථනා කර ඇත.
විදෙස් පුවත් සේවාවන්ගේ නවතම වාර්තා අනුව මෙම අනතුරින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිස් තුවාල ලබා ඇත.