රට අගාධයට ගෙන යන ආණ්ඩුව පොදුජන ව්‍යාපාරය හරහා අවසන් කර මහින්ද රාජපක්ෂ රජයක් ඉදිරියේදී බිහි කරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොමේෂ් පතිරණ මහතා පැවසීය.
මාතර, වැලිගම නගර ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
‘‘මහින්ද රාජපක්ෂ සමයේ මේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. පසුව රටේ වී ටික දාන්න තැනක් නැතුව ගුවන්තොටුපොළේ වී ගබඩා කරපු යුගය වැඩි ඈතක නහැ. මේ රටේ ගොවියා දණ ගස්සපු, රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරපු, රාජ්‍ය සම්පත් සියල්ල විකුණන මේ ආණ්ඩුව පිළිබඳව තමුන්නාන්සේලා අපි සෑම කෙනෙකුම හිතන හැටි පොදුයි. ආන්න ඒ නිසා තමයි අපි එදා මහින්ද මහත්තයා පරාජ වෙච්ච දවසේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ විපක්ෂයේ වාඩිවෙනවා කියලා. හෘද සාක්ෂියට එකඟව ඒ ගත්ත තීරණය නිවැරදි බව දිනෙන් දින ඔප්පු වෙමින් පවතිනවා.
රට අගාධයට යන ගමනේ අපි කිසිම විටෙක ආණ්ඩු පාර්ශ්වය සමග ගනුදෙනු කළේ නැති බව අපේ හෘද සාක්ෂිය දන්නවා. ඉතා පැහැදිලිව කියන්න ඕන රට අගාධයට අරගෙන යන මේ ගමන පොදු ජන ව්‍යාපාර හරහා අපි අවසන් කරනවා, පමණක් නෙමෙයි රටේ නැගෙනහිරින් ඉර පායනවා වගේ නුදුරේදීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් අපි බිහිකරනවා.” යනුවෙන් සඳහන් කර සිටියේය.