නාලිකා රාජපක්ෂ
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට තර්ජනයක් නැති බවත්, එහෙත් විදේශගතව සිට පැමිණි අයෙකු තමන්ට දින 21 ක් තුළ උණ රෝගය වැලඳුණහොත් වහාම දන්වන ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
දඹදිව සංචාරයක් සඳහා එක්ව පසුව මියගිය කාන්තාවගේ මරණයට හේතුව ඉබෝලා වෛරසය නොවන බවත්, එම සංචාරයට සහභාගී වූ අනෙක් අයගේ රුධිර සාම්පල පිටරට යවා කළ පරීක්ෂණවලින් ඒවා ඉබෝලා වෛරසයෙන් තොර බව තහවුරු කර ඇති බවත් ප්‍රධාන වසංගත විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි.
කෙසේ නමුත් විදේශයක සිට පැමිණි යම් පුද්ගලයෙකුට ස්වසන ආබාධමය තත්ත්වයක් සහිතව උණ රෝගී බවක් පෙන්වන්නේ නම් ඔවුන්ගේ ඥාතීන් විසින් වහාම රෝගියා පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමත්, රෝගියා රෝහලක් වෙත එවීමටත් කටයුතු කළයුතු බවද ඇය %අද^ කළ විමසුමේදී පැවසුවාය.
තම අසල්වැසියෙකු හෝ මෙවැනි සැකකටයුතු රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටී නම්, රෝගියා මෙරටට පැමිණි ගත වී ඇත්තේ මාසයකට අඩු කාලයක් නම්, පළාතේ මහජන පරීක්ෂකවරයාට හෝ මේ බව දැනුම් දීම වැදගත් බවද ඇය සඳහන් කළාය.
ඇතැම් පුද්ගලයන් ගුවන් තොටුපළ තුළ පවතින ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මගහැර යනවාද යන්න පිළිබඳව සාක්ෂි ලබාගත නොහැකි බැවින් ඉහත කාරණය ඉතා වැදගත් බවද අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.
කෙසේ නමුත් යමෙකුගේ ඥාතියෙකු හෝ මිත්‍ර‘යෙකු විදේශගතව සිට මෙරටට පැමිණෙන්නේ නම්, අනිවාර්යයෙන්ම එම පරීක්ෂණයට මුහුණදෙන්නැයි ඉල්ලා සිට, එසේ කිරීමෙන් ඉබෝලා වෛරසයට වැට බැඳීම සඳහා සහාය දෙමින් තමන්ද ආරක්ෂාවීමට කටයුතු යොදන්නැයි ඇය විශේෂ මතක් කිරීමක්ද කළාය.
මෙතෙක් එසේ පරීක්ෂාවට ලක්නොවූ පුද්ගලයන් පිළිබඳ දැනගන්නට නැති බවත්, පසුගිය කාලවකවානුවේ මෙරටට පැමිණි සියලුදෙනාම අදාළ පරීක්ෂාවට ලක්ව ඇතැයිද ඇය පවසයි.