ඇමෙරිකාව ඇතුළුව බටහිර රටවල ප්‍රබල සෞඛ්‍ය සේවාවක් තිබියදීත් එම රටවල ඉබෝලා පැතිරීම සිදුවිය නොහැක්කක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එමෙන්ම, බටහිර අප්‍රිකානු රටවල් වන ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියෝන් යන රටවල මේ වනවිට ඉබෝලා මරණ 4,500ක් ඉක්මවා ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා සිටියේ ඇමෙරිකානුවන්ට වෛරසය ආසාධිත වීමට ඇති හැකියාව බොහෝ අල්ප බවයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් ගැනීමට ඔහු උපදෙස් ලබාදී තිබෙයි.
මේ අතර, ඉබෝලා රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටි හෙදියකට සෙසු මගීන් සමග ගුවන් යානයක ගමන් කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පරීක්ෂණ අරඹා තිබේ.
එම හෙදියද පසුව ඉබෝලා ආසාධිතයෙකු බව හඳුනාගැනීම හේතුවෙන්, මෙම යානයේ ගමන් කළ සෙසු මගීන් 132 දෙනා හඳුනාගෙන ඔවුන් පරීක්ෂා කිරීමටද එරට සෞඛ්‍ය බලධාරීහු සූදානම් වෙයි.