දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය හේතුවෙන් රෝගීන් 2510 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 15ක් වන බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
සිදුව ඇති මරණවලින් 14 දෙනෙකු දරුවන් වන අතර, වැඩිහිටි එක් පුද්ගලයෙකුද වන බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රෝගය වැලඳුණු මූලික අවස්ථාවේදීම රෝහල්ගත වීමෙන් අවශ්‍ය අධීක්ෂණ කටයුතු සිදුකරමින් ප්‍රතිකාර ලබාදිය හැකි වනු ඇති බවයි.